ග්වෙන්ඩොලින් ෂර්බෲක් ආර්යාව සර් ෆිලිප් වැඩ්ලේ ප්‍රථම වරට හමුවන විට ඔහු අතිශය කඩවසම් බුද්ධිමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය. ඔහු දැකීමෙන් වික්ෂිප්ත බවට පත්වූ ඇයට දැනෙන්නට වූයේ අපූර්ව හුරු පුරුදු බවකි. එහෙත් ඇය මීට පෙර කිසිදින කිසිඳු අවස්ථාවක ඔහු හමුව නොතිබිණි.
යාබද ගොඩනැගිලි දෙකක විනාඩි කිහිපයක් ඇතුළත සිදුවූ සර් ෆිලිප්ගේ එකම අදරවන්තියගේ මරණය ග්වෙන්ඩොලින්ගේ උපත සමඟ කිසියම් ගුප්ත සබඳතාවයක් පැවතියේද?
මේ අදහස හුදු අවමානයක්ද?
නැතහොත් එය ග්වෙන්ඩොලින්ගේ කිසියම් පරිකල්පනයක් පමණක්ද?
මෙය පුනර්භවය පිලිබඳ කිසියම් ඉඟිකිරීමක්ද යන්න ප්‍රේම චමත්කාරයෙන් යුතු මේ කතාන්තරය තුළින් සොයාගත හැකිය.