මා මුලින්ම රනිඳු දුටුවේ අපේ ගෙදර වැඩ කළ මේසන් බාසුන්නැහේට අත් උදව් දෙන්නට ආ අවස්ථාවේදීය.
"මං මේ ගේ ඉස්සරහින් යනකොට දවසක් ඔයා බැල්කනියට වෙලා ඔළුව පිහදදා හිටියා. එදා තමා මට ඔයා ගැන ආදරයක් ඇති උනේ. බාස් මාමා මෙහෙට වැඩට එනබව දැනගත්තාම මං බලෙන්ම වැඩ ඉල්ලගෙන මෙහෙට ආවා."