"මේ මාසෙ විසි එක.."
නදුක හිස් කෝප්පය පීරිසිය මත තියා ටීපෝව මත තබමින් කීවේය.. හදවතට ගිනි ඇවිලුණේ ඉන් පසුවය.. මා පණ පිටින් දැවුණේ ඒ මොහොත අවසනය.. දෙවියනි ඉදින් එතරම්ම ඉක්මනින් ඔහු මට අහිමිව යනවාද.. මේ තත්පරයේ ළය පැලී මා මිය නොයන්නේ මන්ද.. තව තවත් දුක් දෙන්නේ.. මා මේ වනතුරුම උහුලා දරාගත් ගින්දර මදි බව දෙවියනේ නුඹට සිතෙන හින්දාද..