ආනන්ද තුළ වෙනත් පිරිමින් තුළ තිබෙන ශෘංගාරය සහ ආදරය ඉක්ම වන යමක් ඇතැයි යසෝදරා එදවස සිතා සිටියා ය. ඈ සිතා සිටියේ ගිහි පිරිමියෙකුට වඩා ප්‍රේමයේ දී විනයවත් බව සිවුරු හැරයන පිමියෙකු සතුව ඇතැයි කියා ය. ප්‍රේමයේ දී පවතින විනය, ඉන් ඔබ්බට ගැහැනු ශරීරයක් විනිවිදිය හැකි සංයමයක් එවැනි හීරළුවෙකු සතු වෙතැයි කියාය. ගිහි පිරිමි ශරීරයකට වඩා වැඩි යමක්, ඉතිරි වූ ගුප්ත යමක් චීවර ජීවිතය තුළින් ස්ත්‍රියක් වෙනුවෙන් පිදීමට ආනන්ද ඉතිරි කරගෙන ඇතැයි කියාය. අනෙකාට වඩා ගැහැනිය කෙරේ වැඩි හීනයක්. හීන අතිරික්තයක් පැවිද්දෙකු තුළ ඇතැයි කියා ය. බොහෝ ස්ත්‍රීන් වෙනුවෙන් සුවඳ හලන ආදරයක් වෙනුවට, තමා තුළ ම මුදා හැරිය හැකි මෙන්ම නො නවතින උල්පතක් සේ ගලා එන පීඩනයත්, ආදරය සහ ශෘංගාරය තුළ කලතා තම ශරීරය තුළ මුදා හැරීමට නොසන්සිඳෙන ආශාවත් ආනන්ද තුළ ඇතැයි කියාය. එකී සිතුවිල්ලේ තෙතමනය ද, එකී සිතුවිල්ලේ ශෘංගාරය ද, එකී සිතුවිල්ලේ ආශාව ද, එකී සිතුවිල්ලේ හීනය ද විසින් උපද්දන ලද ප්‍රමෝදය යසෝදරා පිස්සු වට්ටවා තිබිණ. යසෝදරා පැවිද්දෙකුට ප්‍රේම කළා ය. හිරළුවෙකු හා විවාහ වූවා ය.