ඈත චීනයේ විවිධ සමාජ මට්ටම් අළලා පුරාතන චීනය පදනම් කරගනිමින් ලියැවුණු රිදී සීනුව එකල පැවති රදළ-වහල් ගැටුම් හා සබඳතා, බලයට පොරකෑම්, දේශපාලනික කුමන්ත්‍රණ ආදිය අතර, ආදර අන්දරයක්ද සෙමින් ගොඩනැඟෙයි.
පරිසර වර්‍ණනයන්ද, චරිත වර්‍ධනයන්ද හේතුවෙන්ද අපව ඒ යුගයට ගෙනයන්නට කතුවරිය සමත් වෙයි.