˝හායි මම රාධිකා මේතා... මම මේ සුමානේ බඳිනවා...!
මං වැඩ කරන්නේ ලෝක ප්‍රසිද්ධ බැංකුවක් වෙච්ච ගෝල්ඩ්මන් සැක්ස්
එකේ. මගෙ කතාව කියවන හැමෝටම ස්තූතියි.
හැබැයි පොඩ්ඩක් ඉන්න... මට තියෙනවා ඔයාලට අවවාදයක් කරන්න.
ඔයාලා මට ඒ හැටි කැමති නොවෙන්න පුලුවන්... ඒකට හේතු තුනක් තියෙනවා.
හ්ම්... කොල්ලෙක් නම් ඔයාලට මේ එකක්වත් ප්‍රශ්න නොවෙන බව මම දන්නව. ඒත් කෙල්ලෙක් වෙච්චි හින්ද,
මේ කිව්ව කාරාණාත් එක්ක ඔයාල මට එච්චර කැමති වෙන්නේ නෑ... එහෙම නේද?
එච්චර විතරක් නෙවෙය... සමහර විට ඔයාල කියාවි,
˝මේකි මහ යස්ස ළමිස්සියෙක් නෙ˝ කියලත්!