ගිසේලා සිය නිවසේ යන ක අප්‍රසන්න ජීවිතයකි. නමුත් අහඹු සිදුවීමක් ඇගේ ජීවිතය විශාල වෙනසකට ලක් කළේය. ඒ 1876 වසර විය. ගම්බද නොදැම්ටන්ෂයර්වල දඩයමේ ගොස් සිටි ඇයට ඕස්ට්‍රියාවේ අධිරාජිනිය වූ සුරූපී එලිසබෙත් හමුවී තිබුණි.
නිවෙසේ කරදරකාරී ජීවිතයෙන් නිදහස වන ඇය පලා එන්නේ අධිරාජිනිය කේන්ද්‍රය කොට ගත් රොමෑන්ටික ලෝකය වෙතය. පළමුව එය අදහාගත නොහැකි ප්‍රීතිමත් ස්ථානයක් විය.
නමුත් ඇය මින් කෙමෙන් අනාවරණය කර කරගන්නේ කොතරම් රොමැන්ටික වුවද එය අනතුරු සහිත, ආතතියෙන් යුතු රහස් කුමන්ත්‍රණ කැකෑරෙමින් තිබෙන ලෝකයක් බවය. කොතරම් සාමානය ලෙස පෙනී ගියද සෑම ඉඟියක් හා කතා සල්ලාපයක්ම බියකරු සිදුමක් හෝ අනතුරක් වෙත වූ පෙළඹවීමක් වී තිබිණි.