‘ නිතර නිතර එහෙ යන එක ඔයාට හොඳ නැහැ. එතන නරක නපුරු අදහස් හිතට එන තැනක්. ‘ ඈ පැහැදිලි කළේ එසේ ය. ‘ ඒ ගොල්ලො එහෙම කියනව මං අහල තියෙනවා නපුරු සිතිවිලි හිතෙන තැනක් ‘
‘ඇයි? ‘
‘ඔයා මං කිව්වේ ! එතැන එහෙම තැනක්. ඒක හින්ද තමයි මං කියන්නෙ. එහෙ යන්ඩ එහෙම එපා.’
‘ එතන හොල්මන් තියෙනවද ? ‘
‘ එහෙම තියෙනව වෙන්ඩත් පුළුවන් ‘