හේශාන්ගේ හිස ඇය දෙසට නොහැරුණ ද ඔහුගේ වම් අත සෙමෙන් අයේශාගේ කලවය වෙතයොමු විය. ඇය හැඳ සිටි කොට කලිසම ඔස්සේ ඔහුගේ අත සෙමෙන් සෙමෙන් ඉහළට ඇදී යන්නට වුව ද, ඇය ලැජ්ජාවෙන් මෙන් සිය දෙපා ළං කර ගත්තාය.
හේශාන්ගේ අත වහාම සුක්කානම වෙත ආපසු යොමු විය. හෙතෙම මොහොතකට ඇය දෙස බලා. " ඔයාට?" යැයි අසා, යළි මාර්ගය වෙත නෙත් යොමු කර ගත්තේය.
අයේශා ප්‍රේමාන්විතව හේශාන් දෙස මොහොතක් බලා සිටියාය. හේශාන් යළිත් මොහොතකට ඇය දෙස බලා නැවතත් මාර්ගය දෙස බැලුවේය. මාර්ගය එන්න එන්නම වංගු වලින් බහුල වන බව, ඉදිරිය බැලූ අයේශා දුටුවාය. එහි රිය පැදවීමට නම් හේශාන්ට සිය සම්පුර්ණ අවධානය මෙන්ම අත් දෙකම සුක්කානම මතයෙදවිය යුතුය. එබැවින් අයේශා සිය හැඟීම් පාලනය කරගත්තාය. හේශාන් එවර කිසිවක් මුවින් නොවිමසුව ද ඔහුගේ දෙනෙත් ඇගෙන් නිහඬවම පෙර පැනය යළි විමසන බව ඇයට වැටහුණි. " ගිහින් කරමු. ඕ කීවාය.
හේශාන් සන්සුන්ව රිය පදවන්නට සිය මනස එකඟ කරගත්තේය. ඇත්තෙන්ම රිය පදවන ගමන් මෙවැන්නක් කරන්නට යාමේ අවදානම ඔහුට නොවැටහුණාම නොවේ. දැන් තමන් තෘප්තිමත් වී සිටින නිසා ඔහුට ආත්ම සංයමය පවත්වා ගැනීමට කිසිදු අපහසුවක් නොවීය. අයේශා සිය හැඟීම් යටපත් කරන්නට, සිය අවධානය වෙනතක යොමු කරවන්නට ඉටාගත්තීය.