අෂ්ටවංකය නවකතාවෙන් කියැවුණු පරිදි, ඇලෙක්සැන්ඩ්‍රා සොලරින්ගේ දෙමව්පියන් වන කැතරින් වෙලිස් (කැටි) සහ ඇලෙක්සැන්ඩර් සොලරින් විශ්වාස කළේ වෙස් කට්ටලයේ ඉත්තන් ලොව පුරා විසිි ඇති නිසා එය සන්තකයේ තබා ගැනීමෙන් බලයේ රහස් ඔවුන් සමඟ වැළලෙනු ඇති බවත්ය. ඉන් වසර තිහකට පසුව, ඔවුන්ගේ එකම දියණිය, ඇලෙක්සැන්ඩ්‍රා සොලරින් ඇගේ මවගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ පවුලේ මුතුන් මිත්තන්ගේ නිවසට කැඳවනු ලැබේ. එහෙත් ඇලෙක්සැන්ඩ්‍රා පැමිණෙන්නේ තම මව අතුරුදහන් වී, උපක්‍රමශීලීව කරන ලද ඉඟි මාලාවක් ලැබී,. අනපේක්ෂිත අමුත්තන් නිවසට පැමිණීම ආදී සිදුවීම් සමග යම් නරක දෙයක් සිදු වෙමින් පවතින බව පෙන්නුම් කරන අවස්ථාවකය.
චාර්ලිමේන් වෙස් කට්ටලයේ ප්‍රබලතම කොටස හදිසියේ මතු වී ක්‍රීඩාව නැවත ආරම්භ වී ඇති බව ඇය සොයා ගනියි.