පාළු අඳුරු සුසාන භූමියේ ඈත කෙළවරක සොහොන් කොතක් පිටුපස සැඟවී සිටි කිසිවෙකුගේ කළු පැහැති ඡායාව සඳ එළිය තුළින් ඇයට යන්තමින් පෙනිණ. ඇය ගැහෙන හදින් යුතුව සෙමින් එදෙසට පිය නැගුවා ය.