“මේ ගෝත්‍රිකයින්ට කැස්බෑ කටුව කියන්නේ පූජනීය දෙයක්. වනචාරි රජුගේ බලය සංකේතවත් කරන්නේ ඔය කැස්බෑ කටුවෙන්. ඔයා කැස්බෑ කටුව කැඩුවොත් ටොකිගේ බලයත් නැතිවෙනවා.”
පැටි්‍රක් තවමත් සිටින්නේ කැස්බෑ කටුව ඉහළට ඔසවාගෙනයි. ඒ අතරම ඔහු මෙසේ කිව්වා.
“වනචාරි ගෝත්‍රිකයෝ කියන්නේ ඔල්මාදකාරයෝ. ඔහේ මේ කමකට නැති කැස්බෑ කටුවක් ගැන දුක්වෙනවා. හැබැයි අවස්ථාව ලැබුණ ගමන් මාව ආහාරයට ගන්න හැටි තමයි ඔහේ හිතන්නේ. මිනිස්සු විනාශ කරන්න නෙවෙයි ටෝකි. මිනිස්සු ආරක්ෂා කරන්නයි ඔහේ කල්පනා කරන්න ඕනේ.”