නිම්නයේ ඈත කෙළවරේ ගල් පවුරක් මත දැවැන්ත මිනිසෙකු සිටගෙන සිටිනවා.
මිනිසා සිටින දුරත් සමඟ සසඳා බැලීමේදී ඔහු මොනතරම් විශාල කෙනෙක් ද කියලා බෙත්ට අනුමාන කරන්න අපහසු වුණේ නෑ.
මේ යෝධ මිනිසාගේ මුහුණේ තිබුණේ මහා රෞද්‍ර පෙනුමක්.
මද වේලාවකට පසුව දැවැන්ත පළිහක් අතින් ගත්තු සෙබළෙක් යෝධයා අසලට පැමිණියා.
ඔවුන් දෙදෙනාගේ උස සන්සන්දනය කිරීමේදී යෝධයා මොනතරම් දැවැන්තයෙක්ද කියලා හොඳින්ම නිරීක්ෂණය කරන්න පුළුවන්.