“ගංගාවේ ජලය ඔය රේඛාවට ඉහළින් ආවම තමයි නයිල් නදිය පිටාර ගලන්නේ. එහෙම නොවුණොත් පලාතම වියැලෙනවා. දැන් ඔයාලා හිටගෙන ඉන්නේ කළු භූමිය කියන පොළවේ.”
“මට නම් මේ පොළව පෙනෙන්නේ කොළ පාටට.”
පැටි්රක් පොළව දිහා බලලා කිව්වා. නමුත් ලටීෆ් ඒ අදහසට එකඟ වුණේ නෑ.
“නයිල් නදිය හැම අවුරුද්දේම පිටාර ගලනවා. එහෙම වුණොම තමයි මේ කළු පොළව සරුසාර වෙන්නේ. ගඟ පිටාර ගැලුවේ නැතිවුණොත් පොළව වියළිලා, නිසරු වෙනවා. එහෙම වුණාම ඔයා හිටගෙන ඉන්න පොළව ‘රතු පොළව’ බවට හැරෙනවා.”
“රතු පොළව කියලා කියන්නේ කාන්තාරයට නේද?”