සඳළුතලයේ එක් කෙළවරක වූ කුටියක කවුළු තිර හොඳින් වසා නො තිබිණි. තිර අතර වූ පටු විවරයක් තුළින් එබී බලන ඔහු දුටුවේ සියුම් ආලෝකයකි. එය ගිනි උදුනකින් නැගෙන්නක් බැව් ඔහුට වහා වැටහිණ. ඒ සමග ම ඔහුට ඇසුණේ විශාල ගස ඉහළට නගින මිනිසකුගේ හඬකි. ගසට නගින මිනිසා තවත් මොහොතකින් සඳළු තලයට පිවිසෙනු ඇත. ඔහුගේ සිතට දැනුනේ කිව නොහැකි තරම් වූ බියකි.