˝ඔයා පූජකවරයෙක්. එහෙම කෙනෙක් මේ සංග්‍රාම පිටියට
කොහොමටවත් එන්නේ නෑ. ඔයාලා හොඳටම අතරමං වෙලා
කියලා මට විශ්වාසයි.˝
ඒක නම් ඇත්ත... තව පොඩ්ඩෙන් කොටියෙක් මාව කනවා. එහෙම
වුණා නම් මගේ දවස නිකරුණේ නාස්ති වෙනවා.˝
පැට්‍රික් කිව්වා. වහල් සේවකයා පිළිතුරු දුන්නේ උගුර යටින්
අමිහිරි හඬක් නඟමින්.
˝ඔහේගේ දවස නාස්ති වුණාට මට කමක් නැහැ. කොටියා
හොඳටම බඩගින්නේ ඉන්නේ.
මොකද හෙට තරඟයට සූදානම් කරලා තියන්න එපායැ. බැරි
වෙලාවත් කොටියා ඔහේව කෑවා නම් මම ලොකු අමාරුවක
වැටෙනවා.˝
˝ඒ කියන්නේ ඔයා අපිව බේරුවේ ඕනෑකමින් ම නෙවෙයිද?˝
˝මම ඔහේව බේරුවේ නැතිනම් මට වෙන්නේ කොටියට ගොදුරක්
වෙන්න.˝