"තවත් දවස් කිහිපයක් ගෙවී ගියේ ය. දැන් පස්වැනි වාරයේ ළමෝ ඔවුන්ගේ එදිනෙදා අධ්‍යාපන කටයුතුවලට හුරු වී සිටිති. ඔවුහු නවතම පාඩම් පොත්වලින් ඉගෙන ගනිති. සිනා හඬ, කථා බහ සෑම තැනින් ම ඇසේ. හිතේ හැටියට සෙල්ලම් කරන්නටත් පාඩම් කරන්නටත් දැන් ඔවුන්ට කිසි ම බාධාවක් නැත. එමෙන් ම රාත්‍රී දහයට පසු ව කැමති වේලාවක නිදා ගන්නට යන්නට ද දැන් ඔවුන්ට හැකි ය. සැබැවින් ම දැන් සෙන්ට් ක්ලෙයාර්ස් පාසල ඉතා ම අපූරු ය. එහෙත් තවත් ඔවුන්ට ඉතිරි ව තිබෙන්නේ එක පාසල් වාරයක් පමණි. ඒ ගැන සිහිපත් වන විට නම් පස්වැනි වාරයේ සෑම ගැහැණු ළමයෙකුගේ ම සිත්වලට දැනෙන්නේ දරාගත නොහැකි ශෝකයකි.''"තවත් දවස් කිහිපයක් ගෙවී ගියේ ය. දැන් පස්වැනි වාරයේ ළමෝ ඔවුන්ගේ එදිනෙදා අධ්‍යාපන කටයුතුවලට හුරු වී සිටිති. ඔවුහු නවතම පාඩම් පොත්වලින් ඉගෙන ගනිති. සිනා හඬ, කථා බහ සෑම තැනින් ම ඇසේ. හිතේ හැටියට සෙල්ලම් කරන්නටත් පාඩම් කරන්නටත් දැන් ඔවුන්ට කිසි ම බාධාවක් නැත. එමෙන් ම රාත්‍රී දහයට පසු ව කැමති වේලාවක නිදා ගන්නට යන්නට ද දැන් ඔවුන්ට හැකි ය. සැබැවින් ම දැන් සෙන්ට් ක්ලෙයාර්ස් පාසල ඉතා ම අපූරු ය. එහෙත් තවත් ඔවුන්ට ඉතිරි ව තිබෙන්නේ එක පාසල් වාරයක් පමණි. ඒ ගැන සිහිපත් වන විට නම් පස්වැනි වාරයේ සෑම ගැහැණු ළමයෙකුගේ ම සිත්වලට දැනෙන්නේ දරාගත නොහැකි ශෝකයකි.''