ජැක්ගේ ටොම් මාමා එයාට හරිම අපූරු තෑග්ගක් ගෙනත් දුන්නා. ඒ තෑග්ග තමයි අපූරු දුරදක්නයක්. සත් සුමිතුරන් පිරිසත් එක්ක මේ දුරදක්නය හවුල් කරගන්න හිතාගෙන ජැක් ඒකත් අරන් ආවා. පීටර් තමයි මුලින් ම දුරදක්නයෙන් ඈත බැලුවේ. දුරදක්නය තුළින් බලද්දි ඈත කන්දක් උඩ තියෙන ගරාවැටුණ, අබලන් ටෝර්ලීන් මන්දිරය හරිම අපූරුවට පෙනෙනවා. අබලන් මාළිගාවේ ගරාවැටුණ ජනේලයක් ළඟ කවුදෝ අමුත්තෙක් ඉන්න බවයි පීටර් මුලින් ම දැක්කේ. ජරාජීර්ණ වෙලා තියෙන මන්දිරයක ජනේලයක් ළඟ අමුත්තෙක් ඉන්නේ ඇයි? පීටර් ගොඩක් වෙලාවක් ඒ ගැන කල්පනා කෙරුවා. ඇත්තට ම දුරදක්නයක් දුටු අමුත්තා සැඟවුණ අබිරහසක ප්‍රධාන චරිතය කියලා වටහා ගන්නට සත් සුමිතුරන්ට එතරම් කාලයක් ගතවුණේ නෑ.