පාස්කු නිවාඩුවෙන් පස්සේ උදාවෙන්නෙ ගිම්හාන කාලය යි. මේ අපූරු ගිම්හාන කාලයේ පාසල් යන්න පැට්‍රීෂියා හා ඉසබෙල් ඇඟිලි ගනිමින් බලා සිටියත් ඔවුන්ගේ අවාසනාවට දෝ දෙදෙනාට ම සරම්ප රෝගය සෑදුණා. ඒ නිසා ඔවුන්ට පාසල් යන්න සිද්ධ වුනේ සතියක් පමණ පමා වෙල යි. ඔවුන්ගේ පන්තියට අලුත් ළමයින් හුඟ දෙනෙක් ඇවිත් හිටියා. මේ හැම දෙනා ම මුහුණ දෙන රසබර තොරතුරු ගොඩාක් මේ පොතෙන් කියවන්න ලැබේවි.