“අපි ආවේ ඔයාව ගෙදර එක්කගෙන යන්න”
පැටි්‍රක් හිතවත් විදිහට කිව්වා. නමුත් හියු පිළිතුරු දුන්නේ කෝපයෙන් සහ නොඉවසිලිමත් ලෙසින්.
“මම මොකටද ආපහු ගෙදර යන්නේ? ඒ අය මාව හොරෙක් විදිහට අත් අඩංගුවට අරගෙන ඩාර්ක්තෝන් කුළුණේ හිර කරයි.”
“ඒ වුණාට ඔයා මේ කාලයට අයිති කෙනෙක් නෙවෙයිනේ” බෙත් ද එසේ කිව්වා.
හියූ ඇයට පිළිතුරු දුන්නේ දෙඋර හකුළුවමින්.
“එංගලන්තයේ හිර ගෙදරක ලගිනවාට වඩා මේ වගේ තැනක ඉන්න එක සැපයි.”