˝එරික් ද රෙඩ් කියන්නේ මේ රට
හොයාගත්තු කෙනාට. මේ රටට ග්‍රීන්ලන්තය කියලා නම තිබ්බෙත් එයාම තමයි.
මෙහාට එන්න කලින් එරික් ජීවත්වෙලා තියෙන්නේ අයිස්ලන්තයේ˝
˝එතකොට ඇයි එයා අයිස්ලන්තයෙන් ඇවිත් තියෙන්නේ?˝
පැට්‍රික් ඇසුවා. බෙත්ගෙන් ලැබුණේ මෙවැනි උත්තරයක්.
˝අයිස්ලන්තයේ හිටපු බලගතු පුද්ගලයෙක් එරික් ගේ පවුලට
අයිති වුණ වටිනා නිධානයක් පැහැර ගන්නවා. ඊට පස්සේ මේ
පවුල් දෙක අතර මහා සටනක් ඇති වෙනවා. ඒකෙන්
ගොඩක් දෙනෙක් මැරෙනවා.
අයිස්ලන්තයේ පාලකයින් ට මේ සටන නතර කරන්න
ඕනෑවෙනවා. ඒ හින්දා ඒ අය එරික් ව අයිස්ලන්තයෙන් පිටුවහල්
කරනවා.˝
˝එරික්ව තමාගේම රටෙන් පිටුවහල් කරනවද?. ඒක හරිම
අසාධාරණයි නේ˝
˝ඒක ඇත්ත තමයි පැට්‍රික්. එරික් ට රුවල් නැවකුයි,
නාවිකයෝ කණ්ඩායමකුයි හිටියා. රටෙන් පිටුවහල් කළාට පස්සේ
එයා මේ ගොඩබිම හොයාගෙන ග්‍රීන්ලන්තය කියලා නම් කරලා
මෙහේ පදිංචි වෙනවා.˝