සාදය හමාර වීමෙන් පසු ව ගැහැණු ළමෝ නිහඬව ම තමන්ගේ නිදන කාමර කරා ගමන් කළහ. කාලෝටා ඔවුන්ගේ නිදන කාමරයේ දොර සෙමින් සෙමින් විවෘත කළා ය. ඇයට මුලින් ම ඇසුණේ එල්සි නින්දෙන් ගොරවන හඬ යි. දැන් බිය විය යුතු නැත. එල්සි තවමත් සුව නින්දේ ය.