සෙනසුරාදා දිනය නිවාඩු දිනයයි. සිසුවියන්ට තමන් කැමැති දෙයක් කිරීමේ නිදහස එදිනට ලැබේ. පාසැලේ බොහෝ දෙනෙකු අසල නගරයට ගොස් තමන් ඇති මුදල් වියදම් කරමින් හිතේ හැටියට විනෝද වෙති.නිවුන් සහෝදරියන්ගේ ආච්චි අම්මා සෑහෙන මුදල් ප්‍රමාණයක් ඒවා තිබුණ නිසා මේ සෙනසුරාදා නගරයට ගොස් අවන්හලකින් කෝපි පානය කිරීමට පැට් සහ ඉසබෙල් කල් තියාම සැළසුම් කරගෙන සිටියහ.
ගමනට සුදානම් වූ පැට සහ ඉසබෙල් සිය කාමරයෙන් එළියට පැමිණෙද්දීම ඔවුන්ට හමුවුණේ ඈන් මේරිය. ඇගේ මුහුණ දුකින් බරවී තිබිණි. ඇය දුකින් සිටින්නේ ඇයිදැයි පැට් ඇසුවාය. ඊට ඈන් මේරිගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරකි.
"ප්‍රිසිලියාගේ වාචාල කථා අහගෙන ඉඳලා මට නම් දැන් එපා වෙලයි තියෙන්නේ පැට්. හිලරි මගේ පාඩම් කාමර සහායිකාව වෙයි කියලා මම හරිම ආසාවෙන් හිටියේ. ඒ බලාපොරොත්තුවත් නැතිවුණා. අවාසනාවට මගේ සහායිකාව විදිහට ලැබුණේ අර කිසිම කමකට නැති ප්‍රිසිලියානේ.''