මිහි මත ඉපදෙන හැම මිනිස් ප්‍රාණියකු තුළ ම ඔහුට හෝ ඇයට අනන්‍ය වීරයෙක් සිටින්නේ ය. ඒ වීරයන් එක එක පැහැයෙන්. එක එක ස්වරයෙන් සිටින්න පුළුවන.
ඔබ සොයා ගත යුත්තේ ඔබේ ඇතුළේ සැඟවී සිටින වීරයා කවුරුන් ද කියා ය. ඒ අනෙකාට අත්වැල් සැපයීමට, අනෙකා දෙස ආදරෙන් බැලීමට විනා වීරකම ආභරණයක් කර ගැනීමට නොවේ.
'චුට්ටා' යනු කතා නොලියැවුණු වීරයන්ගේ කතාවය.