1990 වසරේ ප්‍රකාශිත 'නෙල්ලි කැලේ වීරයෝ යොවුන් නව කතාවෙන් ග්‍රන්ථකරණයට පිවිසි නිමල් බණ්ඩාර ඉන් අනතුරුව රචනා කළ ගල්ගේ කන්ද' (1993) වන රජදහන (1996) හා ' සමුදුරු මේඛලා ' (1999) යන යොවුන් කතා වසර තිහක් පුරා දරුවන්ගේ ආදරයට පාත්‍ර වී ඇති නිසා සෑම වසරකම පාහේ ඒවා නැවත මුද්‍රණය කෙරේ.
මේ පොත් සමූහයට අලුතින්ම එක්වූ රන්ගිරි අරණ යොවුන් නවකතාව සඳහා තේමාව වී ඇත්තේ මුතුරාජවෙල තෙත්බිම, එහි කඩොලාන පද්ධතිය හා කුරුලු පරපුරේ සුන්දරත්වය, ගැඹුරු මුහුදේ කිමිදුම් චාරිකා, මෙන්ම සමාජයෙන් බැටකන දරුවන් වෙනුවෙන් අන් අය කෙසේ සැලකිය යුතු ද යන්න විවරණය කිරීම සඳහාය.
2000 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවයට එක් වූ නිමල් බණ්ඩාර වෘත්තිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකි. මහජන චීන සමුහාණ්ඩුව (2001-2005), නෙදර්ලන්තය ( 2006 - 2009). පකිස්තානය (2009 - 20012). ඉරාක ජන රජය (2014 ). සාර්ක් මහ ලේකම් කාර්යාලය, කත්මන්දු, නේපාලය (20015- 2018), සිඩ්නි, ඔස්ට්‍රේලියාව ( 2019 - 2020 ) ආදී රටවල සේවය කළ ඔහු 2020 වසරේ සිට සයිප්‍රස් ජනරජයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස සේවය කළ අතර දැනට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු කලාපය භාර අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරයි.
නෙල්ලි කැලේ වීරයෝ කෘතිය ඔහු අතින් ලියැවුණු ජනප්‍රියතම යොවුන් නවකතාව වූ අතර එය දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලට ද පරිවර්තනය කරනු ලැබීය.