2012 රාජ්‍ය සම්මාන.
"නි..මාල්.. නි..මාල්.. පරයියෙක්.." පාරේ සිට අහස දෙස බලමින් දිව ආ මොහිදීන් ති අරිමින් නිමල් සමීපයේ නතර වූයේ ය. "කෝ.." යි කී නිමල් ඉහළ බැලුවේ ය. "අර.. අර ඉන්නෙ.." මොහිදින්ට අනුව ඈත අහස බලන නිමල් උසාවියට ඉහළ අහසේ තිතක් ව පියාඹන පරෙවියා දුටුවේ ය. පරෙවියා දැඩි වෙහෙසකින් යුතුව එකම වටයක පියාඹන බැවින් මඟ වරද්දා ගෙන අතරමංව සිටින බව වටහා ගැනීමට දෙවරක් සිතිය යුතු නො වේ. "ගල්වල වත්තෙ ශන්තලගෙ එකෙක් ද? නිමල් පරෙවියාගේ ගමන් මාර්ගය දෙස විපරමින් බලා සිටියේ ය.