සෝමාවතී චෛත්‍යය හා අවට නටබුන් නරඹනු පිණිස පොලොන්නරුවට යන මිතුරන් තිදෙනෙකුට පුරාවිද්‍යා ගවේශනයක් සඳහා මහවැලි ගඟෙන් නැගෙනහිර දෙසට ගිය ගුරුවරයෙකුගේ අතුරුදහන් වීමක් ගැන සැලවෙයි. ගුරුවරයා සෙවීමේ කුහුලින් මැඩෙන මිතුරෝ තිදෙන මහ වන මැද නටබුන් පුරවරයකදී අවිගත් පුරාවස්තු සොරුන් කල්ලියකට අභියෝග කරමින් ත්‍රාසජනක අත්දැකීම් වලට මුහුණ දෙති.
1988 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනු යොවුන් නවකතාව.