සුරේන්ද්‍රට ගස් නැග පුරුදුය. ඔහු අඩියට දෙකට ගසට ගොඩ වූයේ පාරේ ඇවිදින්නාක් මෙන් පහසුවටය.
”සුරේ... තව ටිකයි... ඔය ළඟ ළඟම අතු බිඳෙනවා...”
සුරේන්ද්‍ර අනෙක් අයට ඉහළින් වූ අත්තකට ගොඩවිය. ඔහු කර පොවමින් ශබ්දය ආ දෙසට මඳක් නැඹුරු වී බලා සිටියේය. ඇඟ පුරා ¥විලි තැවරුණු සද්දන්තයෙක්... මහත් හඬක් නගමින් ඔවුන්ට පිටුපා කැලයට රිංගන අයුරු දුටු ඩගී... සුරේගෙ කකුලක් දැඩි ලෙස අල්ලා ගත්තේ එක් අතකින් කට තදකරගෙනය. ටික වේලාවක් යනතුරු අතු බිඳෙන ශබ්දය අලියා කෑගසන ශබ්දය ඒ මේ අත ඇසෙන්නට විය.