රථයක ඉදිරි පහන් ආලෝකය පඳුරු අතරින් යන්තමින් පෙනුණේ ය. රළු භූමිය මතින් මහත් අපහසුවෙන් ඉදිරියට ඇදෙන රථයක හඬ ඉක්බිති ඇසිණ. තවත් මොහොතකින් ඉදිරි පහන් හැරෙන්නට මුළුමනින් ම අඳුරු කළ විශාල රථයක් ඔවුන් සිටි තැන පසු කොට ගියේය.