බාර්මට් මුහුදු බොක්කට ඉහළින් වූ ගිරි ශිඛරය මත පිහිටි, අබිරහස් වලින් පිරුණු පැරණි නිවසකි. හොල්මන් නිවසක් මෙන් හැඟෙන මෙකී ගුප්ත නිවස පරීක්ෂා කිරීමට යන හාර්ඩි සොයුරන් දෙදෙනාට අද්භූත විලාපයක් කන වැකේ. පසු දිනෙක දී යළිත් වරක් මෙම නිවස පරීක්ෂා කිරීමට පැමිණෙන ඔවුන්ට, තමුන්ගේ පියාගේ රහස් පරීක්ෂණයකට මෙම නිවසේද යම් සම්බන්ධයක් ඇති බව වැටහේ. පුද්ගලික රහස් පරීක්ෂක ෆෙන්ටන් හාර්ඩි එක්වරම අතුරුදන් වීමත් සමඟ, ඒ පිළිබඳ සොයා බලන්නට පෙළඹෙන තරුණයන්ට නොසිතූ විරූ සිදුවීම් දාමයකට මුහුණපෑමට සිදු වේ!