“කෝසලගේ හිනාව වන්නි පොළොවේ පීදුණු කරඹ මලක් වගේ ඒ තරමටම ලස්සනයි. ඊටත් වඩා ආදර්ශවත් කෝසල හේන් කෙටුවා – ගොවිතැන් කළා. පොළවල් ගානේ ගිහින් බඩු වික්කා. ඒ අතර මහන්සියෙන් ඉගෙන ගත්තා. ඒ වගේමයි, මල්ලිටත් ඉගැන්නුවා. ඇත්තෙන් ම යි, සරසවියක් වූ කෝසලගේ යෞවනය, වන මැද සරසවිය යොවුන් කතාවෙන් දිග හැරෙනවා.”