අරමුණු විරහිතව මගට බැස – මග තොට නොහැඳින, ගමින් ගම දොරින් දොර අයාලේ ඇවිද, නන්නාදුනන මිනිසුන් හා නොමිනිසුන් මැද ඇති දැඩි වී, ජීවිතය දිග් විජය කරන්නට නොපසුබට උත්සාහයක යෙදුණු රංසිරි නම් තරුණයාගේ ජීවන සංග්‍රාමය, රංසිරිගේ සංග්‍රාමය නමින් පාඨකයා අතට පත්වී තිබේ. ඒ වනාහි කුලසේන ෆොන්සේකාගේ කතා කලාවේ – එනම් රසින් හා අරුතින් පරිපුන් කතා ගෙතීමේ කලාව – පාඨක විචාරක උභය පක්ෂයම එක සේ තෘප්තිමත් කරන්නා වු කතා කලාවේ අභිනව ජයග්‍රහණය ලෙස හදුන්වා දීම වටනේය.