19 වන සියවසේ අග භාගයේ ඇමෙරිකාවේ ඉහළම ගණයේ නවකතාකරුවෙකු වශයෙන් කිරුළු දැරූ මාක් ට්වේන්ගේ වීර චරණ නව කතා අතුරින් The Advantures of Tom Sawyer නවකතාවට ලැබෙන්නේ අද්වීතිය ස්ථානයකි. 1876 නිකුත් වු ප්‍රථම මුද්‍රණයට එතරම් වැදගත් පාඨක ප්‍රතිචාරයක් නොලැබුනත් පසු කාලයේ එය කොතරම් ජනප්‍රිය වුයේද යත් අද මේ වනතුරු අඛණ්ඩව මුද්‍රණය වන නවකතා අතර ප්‍රධාන තැනක් ටොම් සෝයර්ට හිමි වෙයි.