පියැං !
පියැං මෝරෝ ගැටවරයෙකි !
ඔහුගේ නිජබිම - ජයබිම මින්ඩනාඕ දූපතයි !
ආශීර්වාදයේ තරු ලකුණින් ඉඟිකැරුණු පරිදි, ගෝත්‍රයේ ඊළඟ නායකයා වන්නේ ඔහුයි. එහෙත් එය ත්‍රාසජනක සංචාරයකින් ඔප්පු කර පෙන්විය යුත්තකි. පෙරදිග වනපෙත්වල, විශේෂයෙන් පිලිපීන දූපත්වල සැඟව ඇති ත්‍රාසය ද කුතුහලය ද දරාගන්නට , මැඩපවත්වා ගන්නට ඔහුට මේ ත්‍රාසජනක ගමන්වලදී සිදුවෙයි. මිතුරන් මෙන්ම සතුරන් ද ඔහුට නැත්තේ නොවේ. බියකරු සතුන් ගහන වනපෙත්, පාවෙන දූපත් , චණ්ඩ ජලධාරා හරහා ඇදෙන මේ ත්‍රාසජනක ගමන් අවසානයේ තමා වීරයෙකු බව ඔප්පු කරන්නට ඔහු සමත් වේ ද ?