මා උඩ බැලුවා.විශාල තේක්ක ගහේ අතු අගිසි පුරා තිබුණේ සුදු පාට මල් පොකුරු. සුළඟක් එන විට මේ මල් පොකුරු වලින් කුඩා මල්, වරුසාවක් වගේ බිමට වැටුණා. ළිඳේ වතුර මතු පිටත් මේ කුඩා මල් පාවුණා. වතුර බාල්දියත් එක්ක උඩට ආ මල්, වතුර එක්ක දෝතට ගෙන ඒ ලස්සන දෙස මා ටික වේලාවක් බලා හිටියා..