බැංකුවක්, තම කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සිය කාර්යක්ෂම සේවාව වෙනුවෙන් වසරකට වරක් පිරිනමන සම්මාන, ශාඛා කළමනාකාර රොගර් මර්ගට්‍රොයිඩ්ට හා තරුණ ජෝන් හිගින්ස්ට එම වසරේ හිමි විය. ඔවුනට හිමි වූයේ මුරුසියේ වෙරළාසන්න හෝටලයක සතියක නිවාඩුවකි. මේ නිවාඩුව ගතකිරීමට මර්ගට්‍රොයිඩ් මහත්මිය ද එක් වෙයි. වසර විස්සකට පෙර විවාහ වූ මර්ගට්‍රොයිඩ්ගේ බිරිඳ වූ එඩ්නා කිසිදු දෙයකින් සෑහීමකට පත් නොවන්නියකි. මර්ගට්‍රොයිඩ් වෙරළේ හිඳගෙන සිටින අතර එඩ්නා කළේ ඇය ගෙන ආ නවකතා පොත් කියවීමයි. ඔහු කළේ ඔහුගේ බිරිඳ කී දේ ය. එහෙත් අවසාන දිනයේ සිදුවන්නේ කුමක්ද ?