(CID Series : Book Number #01)
පවනට බඳු වේගයෙන් කැලණිය පට්ටිය හංදිය දක්වා ඇදී ගිය මෝටර් රථයේ වේගය මඳක් අඩු විය. ඉන්පසු එහි දකුණු පස හැරවුම් සංඥා දැල්වෙනු පෙනිණි. කැළණිය දුම්රිය පොළ දෙසට රථය හැර වූ විලී තමා සෙවූ පුද්ගලයා අදාළ ස්ථානයේ සිටී දැයි පරීක්ෂා කර බැලීමට වූවේය. දුම්රිය මංසන්ධිය පසු කළ පසු මෝටර් රථයේ වේගය තව තවත් හීන විය.