අපරීක්ෂාකාරී අයුරින් මෝටර් රථය ධාවනය කිරීමෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුකරන ලදැයි යන චෝදනාවට වරදකරු වන ටෙඩ් බැල්ෆර් තරුණයා හට දෙවැනි වරටත් මිනීමැරීමේ චෝදනාවක් එල්ල වන්නේ නැවත ගොඩගත් මළ සිරුරේ හිසේ තිබී රිවෝල්වර් උණ්ඩයක් හමුවන බැවිනි. ඉතා ධනවන් ව්‍යාපාරික පෙළපනකින් පැවැත එන මෙම නිර්දෝෂී තරුණයා එකී චෝදනාව හමුවේ වඩාත් අසරණ වන්නේ ඔහුගේ පවුලට සම්බන්ධ අතිශය ප්‍රයෝගකාරී පුද්ගලයෙකුගේ සහ කාන්තාවකගේ කුමන්ත්‍රණයක් හේතුවෙනි. සරාගී
අධිකරණය හමුවේ දිවුරා බොරු සාක්ෂි ලබා දෙන ප්‍රබල සාක්ෂිකරුවෙකු හමුවේ බලවත් අපහසුතාවයට පත්වන පෙර් මේසන් අවසානයේ මෙම ඝාතනය හා බැඳුණු සත්‍ය සිදුවීම පෙන්වා දෙන්නේ සියල්ලන් මවිතයට පත් කරමිනි.