ඇමරිකාවට හා යුරෝපයට මහත් ව්‍යසනයක් වූ කොකේන් ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා විහාල වියදමක් දරා ක්‍රියාත්මක කරන COBRA ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා නිලදාරීන් අනුගමනය කරන ද්විතීය උපක්‍රම මෙන්ම කොකේන් ජාවරම් කරුවන් ඒවාට ප්‍රතික්‍රියාකරන ආකාරය ෆෙඩ්රික් ෆෝසයිත් තම ගවේෂනාත්මක මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් තුළින් ඉතා මැනවින් විස්තර කරයි .
නූතන තාක්ෂණය මැනවින් යොදාගෙන ක්‍රියාත්මක කරණ COBRA ව්‍යාපෘතියට සම්බන්ධ නිලදාරීන් තම ජීවිතය පරදුවට තබා ක්‍රියාත්මක වන අයුරු හා මෙම ව්‍යාපෘතියේ බලපෑම නිසා කොකේන් ජාවාරම් කරුවන් මුහුණදෙන සිදුවීම් ද ,මෙවැනි ජාවාරම් නිසා අසීමිතව මුදල් ඉපැයීමේ තෘෂ්ණාවෙන් පෙළෙන මිනිසුන්ගේ විකෘති ස්වභාවය ද මෙම නවකතාවෙන් මැනවින් පැහැදිලි වෙයි.
සෑම විටම ඉතා තර්කානුකූල විග්‍රහන් ගෙන් යුත් ෆෝසයිත්ගේ අනෙක් නවකතා මෙන්ම නාග මෙහෙයුම ද පාඨකයා මුල සිට අවසානය දක්වා ඇඳ බැඳ තබා ගන්නා ආකාරයේ තොරතුරු හා ක්‍රියාදාම වලින් යුක්ත වෙයි.