සමාජ සම්මතයට පටහැනි වූ දිවියක් ගත කරන ෆ්රෑන්ක්ලින් ගිලට් නම් කඩවසම් පුද්ගලයා ජෝර්ජ් බෙල්ඩින් බැක්ස්ටර් චතුයාය තුළදී වෙඩි ප්‍රහාරයකට ලක් ව අභිරහස් අයුරින් ඝාතනයට ලක් වන්නේ එක් අඳුරු රැයකදී ය. එම ඝාතනයේ සැකය එල්ල වනුයේ ඔහුගේ අනියම් බිරිඳ වන නෙල් ආර්ලින්ග්ටන් ගේ යෙහෙළිය වන රූමත් ගොවින් එන්ස්ටන් මෙනෙවිය හට ය.
කිසිවෙකුගේ හව්හරණක් නොමැති ව අසරණ වන ගොවින් හට පෙරී මේසන් සහාය වන්නේ සිය වෘත්තීයමය කීර්තිනාමය පවා පසෙකට දමමිනි. අවසානයේ සිය සේවාදායිකාවට එල්ල වී ඇති එම අබූත චෝදනාවන්ගෙන් ඇය නිදහස් කර ගැනීමට රහස් පරීක්ෂක නීතිඥ පෙර් මේසන් මහතා හට හැකි වේ ද?