පෙර් මේසන් ඩෙලා ස්ට්‍රීට් සමඟ අවන්හලක පෞද්ගලික කුටියක රාත්‍රී ආහාර ගනිමින් සිටිනා අතර එහි හිමිකරු වන මොරිස් ඇල්බර්ග් ඔවුන් වෙත රැගෙන එන්නේ තරුණියන් පළඳින හම් කබායකි. ඔහු පවසන්නේ එහි හිමිකාරිය වන වේටර්වරිය එය මෙහි ඉතිරි කැර පලා ගිය බව ය. වේටර්වරියට අයත් එම හම් කබාය කාවන් කා දමා තිබූ අතර, එම සලකුණුවලට අමතරව ඒ තුළ සැඟවුණු තවත් රහසක් ඇති බව එය පරීක්ෂා කිරීමෙන් පසුව පෙර් මේසන් තීරණය කරයි. නමුත් පොලීසිය අවන්හල වෙත ළඟා වන්නේ ඒ අතර ය. මෙලෙස කරළියට පැමිණි අබිරහස ඉන් පසුව සිදුවන මිනීමැරුමක් හේතුවෙන් තව තවත් සංකීර්ණ වෙයි. ඊට මැදිහත් වන පෙර් මේසන් මහතාට විත්තිකරුවන්ගේ නීතිඥවරයා ලෙස මෙන්ම පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස ද කටයුතු කිරීමට සිදු වේ. මෙම ද්විත්ව භූමිකාවට මැදිවන පෙර් මේසන් මුහුණ පාන්නේ උභතෝකෝටික ගැටලුවකට ය.