මෙඩිසන් නගරයේ තරුණ දිස්ත්‍රික් නීතිඥවරයා වූ ඩග්ලස් සෙල්බි හට,
'විසල් නගරවල වෙසෙන රහස් පරීක්ෂකයින් හා සම වීමට නොහැකි' බවට, නගරයේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු විසින් අපහාසාත්මක ව පවසන ලදි. කුඩා තානායමක රහසින් පවත්වා ගෙන ගිය සූදු ක්‍රීඩාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතරතුර දී, ඔහුට, විවේක කඳවුරක කුටියක තිබී මහමඟ යන වාහනවල් නොමිලයේ ගමන් කිරීමට පුරුදු ව සිටි අයෙකුගේ මෘත දේහයක් හමු වෙයි. තම දේශපාලනික අනාගතය විනාශ වී යනු ඇති බැව් දැන දැන ම සෙල්බි, මෙම මරණය පිළිබඳ සැබෑ තතු සොයා යන්නේ කෙසේදැයි ලෝක පූජිත රහස් පරීක්ෂක කතා රචකයෙකු වූ Erle Stanley Gardner විසින් සිය 'The D.A. Holds a Candle' නම් මෙම කෘතියෙන් පෙන්වා දෙයි.