(CID Series : Book Number #04)
මරණයට පත්වුණු නිරාෂා බෲක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රූප සුන්දරියක්. මීට අවුරුදු හතරකට කලින් මිස් ශ්‍රී ලංකා රූ රැජින තරගයට සහභාගී වෙලා තෙවැනි ස්ථානය හිමි කරගෙන තියෙනවා. මට දැන ගන්න ලැබුණා නිරාෂාගේ සීයා ඉංග්‍රීසි ජාතිකයෙක් බව.....
මම මේ බැම්මෙ උස මැනල බැලුවා. හරියටම අඩි තුනයි අඟල් අටයි. මේක පැහැදිලිවම තරමක් අවදානම් සහිත තැනක්.... මෙතනින් තමයි නිරාෂා පහළට ඇදන් වැටිල තියෙන්නේ. මළ සිරුර තිබුණෙ මෙතැනට හරී කෙලින් පහළ....