2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ඓතිහාසික ප්‍රහාරයෙන් පසු තවත් එවැනිම මහා විනාශයකට අල්කයිඩා සංවිධානය සූදානම් වන බවට CIA සංවිධානයට තොරතුරු ලැබී තිබිණ. එහෙත් ඒ කුමක්ද, කවදා කොතැන සිදුවන්නේදැයි ඔවුහු නොදත්හ.
මේ කුමන ආකාරයක විනාශයක් දැයි සොයා බලා එය ව්‍යර්ථ කිරීමට ඇමරිකාව හා බ්‍රිතාන්‍ය දරන ප්‍රයත්නයේදී එක් විශ්‍රාමික බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයෙකු මේ ගැන අල්කයිඩා සංවිධානයේ තොරතුරු ලබා ගැනීමේ උත්සාහයක නිරත වන්නේ තම දිවි පරදුවට තබමිනි.
“අල්අස්රා” නමින් අල්කයිඩා සංවිධානය විසින් හඳුන්වන බවට තොරතුරු ලද මෙය කුමන ආකාරයේ මෙහෙයුමක් ද? එය ජීව රසායනික මෙහෙයුමක්ද? න්‍යෂ්ටික මෙහෙයුමක්ද? සම්ප්‍රදායික මෙහෙයුමක්ද? මේ තොරතුරු සොයා ලබාදීම පිණිස අල්කයිඩා සංවිධානය තුළට රහසින් ඇතුළු වීමට ගිය ඔත්තුකරුවා ට කුමක් සිදු වේද? මේ “ අල්අස්රා” මෙහෙයුම ව්‍යාර්ථ කිරීමට බටහිර රටවලට හැකි වේද?