නික් එංග්ලිෂ්ගේ සොහොයුරා ඔහුගේ රහස් පරීක්ෂණ කාර්යාලයේ මේසයක් මත වැතිරී මියගොස් සිටියේය. ඔහුගේ අතක් සමීපයේ .38 වර්ගයේ පිස්තෝලයක් තිබිණ.
මෙය සියදිවි නසා ගැනීමක්ද? මිනීමැරුමක්ද?
නගරයේ ධනවත්, නම්බුකාර ප්රභූවරයෙකු වන නික් එංග්ලිෂ් මෙම මරණය පිළිබඳව උසාවිය දුන් තීන්දුව පිළි නොගත් අතර සොහොයුරාගේ නියම මිනීමරුවා පසුපස නීතිය අතට ගෙන ලුහුබැඳ ගියේය.
ඔහුට එරෙහිව දේශපාලඥයන්, නීතිඥයන්, උසස් පොලිස් නිලධාරින්, කප්පම්කාරයින්, භයානක මිනීමරුවන්, රූමනියන් නැගී සිටියහ.
"මගේ සහෝදරය මොන ජාතියේ කෙනෙකු වුනත් ඔහු මගේ පවුලෙ සාමාජිකයෙක්. ඔහු මරා දැමු කාට වුවත් නිදැල්ලේ ජීවත් වෙන්න ඉඩ දෙන්න බැහැ. ඒ මිනිරුවට ලෙසට ලෙයින් වන්දි ගෙවන්න සිද්ධ වෙනව."