අබිරහස් අයුරින් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වන ආතර් කුෂින් නම් ධනවත් සල්ලාල තරුණයෙක් ! ඔහු සමීපව ඇසුරු කළ සැහැල්ලු විනෝදකාමී ජීවිතයක් ගත කළ තරුණියක වන කාලෝටා ගේ මව, බෙල් එඩ්‍රියන් මහත්මිය වෙත මිනීමැරීමේ චෝදනාව එල්ල වනුයේ පැහැදිලි සාක්ෂි මත ය. ඇයට සිය නිර්දෝෂි භාවය අධිකරණය හමුවේ තහවුරු කිරීමට හැකි වේද?
තවමත් නිදැල්ලේ පසුවන මිනීමරුවා නීතියේ රැහැනට හසුකර ගැනීමට සුප්‍රකට රහස් පරීක්ෂක, නීතිඥ පෙරී මේසන් මහතා ඇතුළු කණ්ඩායමට හැකි වේද?