ඒ 1963 වර්ෂයයි. ස්ථානය… ජර්මනියේ හැම්බර්ග් නුවර… මහළු යුදෙව් ජාතිකයෙක් දිවි නසා ගනියි. ඔහු ළඟ තිබූ දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියකු අතට පත් වෙයි. දිනපොතෙන් හෙලිදරව් වනුයේ යුද සමයේ රිගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරු වල අණදෙන නිලධාරියා වූ හිට්ලර්ගේ SS හමුදාවේ කපිතාන් එඩ්වර්ඩ් රොෂ්ච්මාන් විසින් සිදුකරන ලද කෲර,අති බිහිසුණු, අමාණුෂික වද හිංසා සහ සමූහ ඝාතන පිළිබඳ සත්‍ය තොරතුරුයි. මිණීමරු රොෂ්ච්මාන් සෙවීමේ අති පෞද්ගලික වෑයමක් අරඹන පීටර් මිලර් තම පරීක්ෂණ තුළින් ODESSA හි කේන්ද්‍රස්ථානයට යොමු වෙයි. ODESSA වූ කලී යුද්ධයෙන් පසු පළාගිය SS මිණීමරුවන්ගේ ආරක්ෂාව හා පැවැත්ම සඳහා SS හමුදාව මගින් ස්ථාපිත කරන ලද අති ප්‍රබල රහස් සංවිධානයකි.
රොෂ්ච්මාන් හමුවූ මිලර්ට දැනගන්නට ලැබෙන්නේ……