ධනවත් ව්‍යාපාරිකයකු වන කාර්වර් ක්ලෙමෙන්ට්ස් සයනයිඩ් ශරීරගත වීමෙන් අභිරහස් ආකාරයට ඝාතනයට ලක් වෙයි. ෆේ ඇන්සන් යුවනිය හට මිනීමැරීමේ චෝදනාව එල්ල වන්නේ නිවස තුළ තිබී ඇයගේ ඇඟිලි සලකුණු හමු වන බැවිනි. එමෙන්ම මරණකරුගේ නළල මත පැහැදිලිව සටහන්ව තිබුණේ ලෝහිත පැහැ තොල් ආලේපන සලකුණකි. එම හෝඩුවාව ඔස්සේ හඹායන නීතිඥ පෙරී මේසන් මහතා මෙම ඝාතනය හා බැඳුණු සත්‍ය කතාව අධිකරණයට පෙන්වා දෙන්නේ විනිසුරු පවා මවිතයට පත් කරමිනි.
"මගේ පුංචි යක්ෂ කෙල්ල ඔබ මොනවද මෙහේ කරන්නෙ? මම කිව්වනෙ අපි දෙන්නටම හරියන්න මම බොන්නම් කියල..........' "මොහොතක් ගත වුණා. ඔහු ආපසු ගිහින් පුටුවේ ඉඳ ගන්නා. මම ඔහු ළඟට ගිහින් නළලට හාදුවක් දුන්නා. ඒක සමුගැනීමේ හාදුවක්..........."