ඇමරිකා රජයේ ඉහල මට්ටමේ අති රහස්‍ය ලෙස පවත්වාගෙන යනු ලබන, ලෝකයේ ආරක්ෂාවට තර්ජනයක් වන ගැහැණු, පිරිමි අයගේ නාම ලේඛනය ‘ ඝාතන ලේඛනය’ ලෙස හැඳින්වේ. මෙම ලේඛනයේ මුලටම පැමිණ සිටියේ අනන්‍යතාවය සොයා ගත නොහැකි වන ලෙස කරන තම දේශන මගින් බටහිර ඉහළ පෙළේ පුද්ගලයන් , දෙවියන්ගේ නාමයෙන් ඝාතනය කිරීමට අණ කරන අන්තවාදී ආගමික දේශකයෙකි. මෙසේ ආගමේ නාමයෙන් කරනු ලබන ඝාතන ඇමරිකාවේ,බ්‍රිතාන්‍ය හා යුරෝපයේ වැඩිවන විට මෙම පණිවුඩය නිකුත් කෙරිණ. “ මොහු හඳුනාගෙන, සිටින තැන සොයාගෙන, වහා ඉවත් කර දමන්න.”
මෙම කළ නොහැකි සේ පෙනුණු කාර්ය භාර වූයේ “ හඹායන්නා” ලෙසින් පමණක් හැඳින් වූ හිටපු නාවික හමුදා නිලධාරියකුට ය. සැඟවී අන්තර්ජාලය හරහා දේශනා කරන ඝාතකයා සොයා ගැනීමට “ හඹායන්නා” නූතන තොරතුරු තාක්ෂණ විශේෂඥයෙකු වූ ලාබාල තරුණයකු ගේ උදව් ලබා ගනියි. දේශකයාට උදව් කළ පරිගණක විශේෂඥයාද පරදවමින් ඔහු තම දැනුම මෙහෙයවා කළ දස්කම් නිසා “ දේශකයා” ගැන තොරතුරු සොයා ගැනීමට හැකිවේ. ඉන්පසු “ හඹායන්නා” ට මෙම ඝාතකයා දඩයම් කර ගැනීමට හැකි වේද?
“THE KILL LIST” ෆ්‍රෙඩ්රික් ෆෝසයින් මෑතකදී පලකළ නවකතාවයි. ලෝක ත්‍රස්තවාදයේ රහස්‍ය බව හා බියකරු බව පෙන්වන මෙය නවීන පුවත්පත් සිරස්තල වලට පිටුපසින් සැබැවින්ම ලොවෙහි සිදුවන දේ ගැන මනා ඉඟියක් ලබා දෙයි.