‘හලෝ..’
විකාශ් තරුපති දුරකතනයට උත්තර දුන්නේය.
‘ජයනාත් තරුපතිගෙ අවසන් කටයුතු ඉවරද?'
ආගන්තුක කටහඬ ඇසුවේය.
‘ඔව් හවස භූමිදානය කළේ..'
තාත්තාගේ අවසන් කටයුතු වලට සහභාගී වෙන්නට බැරිවුණ කෙනෙකැයි විකාශ් හිතුවේය.
'ඒ කියන්නෙ වැලලුවා..'
‘ඔව් කව්ද මේ..'
'වලලන කොට තාත්තා මැරිල හිටිය කියල හොඳටම විශ්වාසද?'
'කව්ද අයිසෙ මේ..?"